ආණ්ඩුව පෙරළන මහින්දගේ පුන්සඳ තාමත් පායන පාටක් නම් නෑ..

“අද ජවිපෙ සටන් කලාව වෙනස් මොකද කියලා සමහරු අපෙන් අහනවා. ඔව්, අද අපේ සටන් කලාව වෙනස්. එදා අපි අඹ කැඩුවෙ පොලු ගහලා. වටේ ඉන්න අය අඹ ටික ඇහිඳ ගත්තා. හැබැයි අද අපි අඹ කඩන්නෙ කෙක්කෙන් එකින් එක. එදා යූ.එන්.පි.ය අපෙන් චාන්ස් එක ගත්තට අද එහෙම ඉඩක් නෑ. මහින්ද මහත්තයා එදා කිව්වේ පෝයට කලින් ආණ්ඩු පෙරළනවා කියලා. ඒ පුන්සඳ තවම පායලා නෑ. අපි මහින්දට, වීරවංශට, ගම්මන්පිලට අභියෝග කරනවා පුළුවන්නම් 2/3 අරන් පාර්ලිමේන්තුව විසුරුවන්න, ජවිපෙ 6න් ඡන්දෙ දෙන්නම්. හැබැයි පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා මෛත්‍රි මහත්තයට අභියෝග කළොත් ඔහුට ඒක භාරගන්න බෑ. පිනට අගමැතිකම ලැබුණු රනිල් මහත්තයාට කොහොමත් බෑ. රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබුණෙ ස්විප් එකක් වගේ. සමහරු ස්විප් එකක් ඇදුණාම ඇති වෙනවා. සමහරු නැති වෙනවා. මොළේ නැති මිනිහෙකුට ස්විප් එකක් ඇදුණාම වෙච්ච දේ තමයි රනිල්ටත් වුණේ.”

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා මේ බව පැවැසුවේ පසුගියදා (04) මරදාන සාමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති වෘත්තීය සමිති විධායක සභික සමුළුවට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා,

“පසුගිය ජනාධිපතිවරණයත් එක්ක දේශපාලන තැටිය රත්වුණා. අපි එදා වැටුප වැඩි කරගන්න ඕනෑ විදියට රොටිය පුච්චා ගත්තා. දැනුත් තියෙන්නෙ තැටිය රත්වෙලා. දැන් මේ ආණ්ඩුවට අයිතිකාරයෙක් නෑ. සමහර ඒවට අගමැති වගකියන්නෙ නෑ. සමහර ඒවට ජනාධිපති වගකියන්නෙ නෑ. සමහර ඒවට කැබිනට් මණ්ඩලය වගකියන්නෙත් නෑ. මේක හවුලක් නෙවේ. අපි අද ජීවන අංකය හා සලකා ඉහළ ගිය ජීවන වියදම 2015 පෙබරවාරි සිට ගණන් හදලා බැලුවා. ඒ අනුව හතරදෙනෙක්ගෙන් යුත් පවුලකට රුපියල් 5,649.60ක් වැඩි වී තිබෙනවා.

අපිට සටන් පාඨ 3ක් තියෙනවා. 2016 ජනවාරි සිට රාජ්‍ය සේවයට බැඳුණු අයට අහිමි කළ විශ්‍රාම වැටුප සැකසිය යුතුයි. අනෙක් එක සේවක අර්ථ සාධක අරමුදල අනාරක්ෂිත ආයෝජනවල මුදල් තැන්පත් කරන්න එපා කියන එක. අනෙක් එක වැඩි වූ ජීවන මිල වන රුපියල් 5,649.60 වැටුපට එකතු කළ යුතුයි.

2025 වන ජනාධිපතිවරණයට නාමල් ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවා. නාමල් දේශපාලනිකව හදලා ගන්න ඕනෑ. වයසත් මදිනෙ. තවම 2025 දී නාමල්ට අභියෝගයක් නොවන කෙනෙක් තමයි 2020 ජනාධිපති කළ යුත්තෙ එහෙනම්. ගෝඨා හරියන්නෙ නෑ. මොකද නාමල් අඹරාගෙන යන්න පුළුවන්. ඒ නිසා ශිරන්තියි, නාමලුයි කිව්වා මහින්ද ළඟට ගිහින් ගෝඨාට පැත්තකට වෙලා ඉන්න කියන්න කියලා. චමල් රාජපක්ෂ දාන්නත් බෑ. එයා ජනාධිපති වුණොත් නාමල්ට ජනපතිකම ලැබෙන්නෙ නෑ. ශෂීන්ද්‍ර ඉන්නවා ඒකට. එහෙනම් පරදින අපේක්ෂකයෙක් දානවා. රනිල් දිනන්න එහෙනම් කවුද පරදින අපේක්ෂකයා. දිනේෂ් ගුණවර්ධන. දිනේෂ් හිතනවා මිනිහා දිනනවා කියලා. මහින්ද පරදින්න නම් තවත් දාන්න පුළුවන් ජී.එල්. පීරිස්. එතකොට රනිල් දිනනවා. ඊට පස්සේ 2025 නාමල්ට අභියෝගයක් නෑ. ඒ එක ලයින් එකක්. රැලිවලට එන අයට ඒවා තේරෙන්නෙ නෑ.

මම මහින්ද මහත්තයාට යෝජනාවක් කරනවා දාන්න ශිරන්තිව. එහෙම දැම්මොත් මහින්ද පිටුපස සිටින මහ සෙවණැල්ල ඇයයි කියනවා. ඕනෙ නම් සටන් පාඨයක් මං හදන්නම්. ශිරන්තිට ඡන්දෙ දෙමු. මහින්ද ජනපති කරමු. මොකද ශිරන්ති 2025දී නාමල්ට අභියෝගයක් නෑ.

ඔය ජනපති පුටුවෙ වාඩි වෙන්න කලින් ඉන්න මිනිහා නෙමේ වාඩිවුණාම ඉන්නෙ. මෛත්‍රි මහත්තය ජනපති වෙලා දළදා මාලිගාවට ගිහින් කිව්වෙ නැවත ජනාධිපතිවරණයක් නැත කියලා.

2/3 බලය තියෙද්දී අපිට අරගල කරන්න අපහසුයි. 5/6ක බලයක් තිබුණු ජේ.ආර්. ආණ්ඩු කාලේ 80 ජූලි වර්ජනය පැරැදුණෙ. හැබැයි දැන් ආණ්ඩුවට ජනතාව එකඟද? නෑ. මේ ආණ්ඩුව කොහොම හරි රැකගන්න ඕනෑ කියලා ජනතාවට කිසිම වුවමනාවක් නෑ. ඒක අපිට වාසිද? අවාසිද?

පොලිසිය හමුදාව කලින් පැවැති ආණ්ඩු සමඟ වගේ මේ ආණ්ඩුව සමඟ බොක්කෙන් නෑ. මේ ආණ්ඩුවට හැඩයක් නෑ. වතුර වගේ.

මේ අරාජික වටපිටාව ඇතුළෙ අපි සංවිධානාත්මකව සිදුකරන දිනිය හැකි සටනක්. සංවිධානාත්මක සටනත් බලවත්. ශක්තිමත්. තීරණාත්මකයි. අපි අපේ ඉල්ලීම් ටික ලිඛිතව ජනපතිට ‘අගමැතිට’ මුදල් ඇමැතිට දැනුම් දුන්නා. සටනට යන්න පෙර මේ ඉල්ලීම් ටික ජනතාව අතරට යැවිය යුතුයි. අපි ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡාවට ලෑස්තියි.
වසන්ත සමරසිංහ මහතා

රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුවට ළං වුණා. දුන්නාසුද්දෙ. දැන් ආසියානු සංවර්ධන බැංකුව එක්ක එකතු වෙලා සේවක අර්ථ සාධක අරමුදලෙන් 40%ක් කොටස් වෙළෙඳපොළේ දාන්න යනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *