මහින්ද එදා අරලිය ගහ මන්දිරේ මඟුල් කෑවනම් අද වෙන දේ.. (Video)

තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය නැරඹීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී විය.

ප්‍රදර්ශණය නැරඹීමෙන් අනතරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

ආණ්ඩුව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවත් කෝටි ගණනක මුදල් සොයා ගැනීමට හැකි කර්මාන්තයක් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අරලියග මන්දිරයේ ශාලාව නිර්මාණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා බවත් තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

පස්වන දා පැවැත්වෙන ජන රැළිය ඉතා සාර්ථක වන බවත් ඉතිහාසයේ දැවැන්තම දිනය බවට පත්වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *