ආණ්ඩු විරෝධී සිසු සටන් මට්ටු කරන්න විජේදාස ගහන්න යන අලුත්ම ගැටේ

විශ්වවිද්‍යාල නවකවධ ඇතුළු විනය විරෝධි ක්‍රියාවල යෙදෙන්නන් පෙන්වමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව විශ්ව විද්‍යාල තුළින් මතුවන ආණ්ඩු විරෝධය මර්දනය සඳහා ආණ්ඩුව “මහපොළ ශිෂ්‍යාධාරය” උපයෝගී කරගනිමින් මෙතෙක් කිසිදු ආණ්ඩුවක් විසින් සිදුනොකළ ශිෂ්‍යාධාර කපාදැමීම තුළින් සිසුන් මර්දනය කිරීමේ පහත් පිළිවෙතක් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරමින් සිටී.

විශ්වවිද්‍යාලවල දේපළ හා පොදු දේපළවලට හානි සිදු කරන සිසුන්, නවකවධ සිදු කරන සිසුන් මෙන්ම විවිධ අපචාර ක්‍රියාවලට සම්බන්ධ වන සිසුන්ගේ පන්ති තහනමත් සමඟ ඔවුන්ට හිමි මහපොළ ශිෂ්‍යාධාරයද සදහටම අහිමිව යන බව මහපොළ ශිෂ්‍යාධාර භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක පරාක්‍රම බණ්ඩාර මහතා අද එක්තරා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

යම් ආකාරයකින් පන්ති තහනම ඉවත් වුවද මහපොළ ගෙවීම අත්හිටුවෙන අතර, ඒ සිසුන් මෙතෙක් ලබාගත් සියලු මුදල් නැවත මහපොළ භාරකාර අරමුදල විසින් අය කරගැනීමටද කටයුතු ‍කරනු ඇත.

එසේම මහපොළ ශිෂ්‍යාධාර හිමි විශ්වවිද්‍යාල සිසුන් යම් යම් බරපතළ නොවූ වැරදි සම්බන්ධයෙන් පන්ති තහනමට ලක් වී ඇත් නම් පන්ති තහනම අවසන් වූ පසු ඔවුන්ට නැවතත් මහපොළ ශිෂ්‍යාධාරය සක්‍රිය කරගත හැක්කේ සිය මවුපියන් දෙදෙනා විසින් තම දරුවා මින් මතු එවැනි වරදකට සම්බන්ධ නොවන බවට ඔවුන්ගේ අස්සනින් යුතු ලිපියක් ලබා දුන හොත් පමණි. එයද එක් වරකට පමණක් සීමා වන බව එම අරමුදලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙය සම්පුර්ණයෙන්ම ආණ්ඩුව විසින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය ඇතුළු වෙනත් ඉල්ලීම් සහ විරෝධතාවයන් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් නඟන හඬ යටපත් කිරීම වෙනුවෙන් සිදුකරන සැලසුම්සගත කූට උත්සහයක් බවට පෙනෙන්නට තිබේ.

දේශපාලන උවමනාවමන් මත විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක වන කිසිඳු සංවිධානයක් අනුමත නොකළ යුතුය. එසේම කිසිදු විශ්ව විද්‍යාලවල නවක වදය ලබාදීම සිදුවන්නේ නම් එය ක්‍රියාත්මක කරන සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට මෙවැනි ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් මත සිසුන්ගේ මානව අයිතිවාසිකම් පාගා දමා ඔවුන්ව මර්දනය කිරීමට පෙළඹීම පිළිකුල් සහගත ක්‍රියාවකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

1 Comment

  1. Good idea..Undergrads who find guilty on court should be penalised and their state sponsored scholarships be stopped.
    Ragging, damaging state property, insulting their teachers should be strongly considered.

Leave a Reply

Your email address will not be published.