අගමැති 20දා ඉන්දියාවේ සංචාරයක

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡාව ඔක්තෝබර් 20 වන දා නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත ය. වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ දී විදේශ ඇමතිනි ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීහු මේ සංචාරයට එක්වෙති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.