අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නොවැම්බර් 5 වන දායි.

අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය දා අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක්.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් බවයි.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 394 කින් ඉහළ ගොස් තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.