අරක්කු මිලදී ගන්න සමනලී අද උසාවි එයි

කාන්තාවන්ට මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් මුදල්  අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණය නිසා තමන්ගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බව පවසමින් ජනප්‍රිය රංගන ශිලිපිනී සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම විනිසුරු සිසිර ද ආබෲ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන ලද අතර එ් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම නොවැම්බර්  මස 2 දා ට කල් තැබුවා.

මුදල් අමාත්‍යවරයා  සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසකට  එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නිශාන්ති බණ්ඩාරනායක , එම්.ඩී.ජේ.බී ප‍්‍රනාන්දු , සමණළී ෂානිකා ෆොන්සේකා , චන්දිමා රවිනි ජිනදාස , දීපාන්ජලී අබේවර්ධන ,සබ්රීනා එසුෆුලි , ෂාරණ්‍ය සේකරම් , රන්දුලා ද සිල්වා , මේනකා ගල්ගමුව ,සුජාතා ගමගේ , විශාකා පෙරේරා තිලකරත්න යන පිරිස විසිනි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14(1) ජී යන වගන්තීන් යටතේ හිමිව ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම් කඩවී ඇති බවට පෙත්සම්කරුවන් චෝදනා කර සිටියි .

තවද ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව අත්සන් කර ඇති කාන්තා අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අත්සන් කර ඇති අන්තර් ජාතික සම්මුතීන් කිහිපයක් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.