ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තමන්ට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට සදහන් කරමින් ඉන්දීය ගුවන් සේවිකාවක් විසින් සමාජ මාධ්‍ය ජාල පණිවිඩයක් තබා ඇති බව ඉන්දීය වෙබ් අඩවියක් වන timesnowews.com පුවතක් පළකර තිබෙනවා. මෙම ගුවන් සේවිකාව සදහන් කරන්නේ 1998 වර්ෂයේදී තමන් මෙම සිදුවීමට මුහුණ දුන් බවයි.
මුම්බායි හි හෝටලයකදී තමන් මෙම සිදුවීමට මුහුණ දුන් බව ඇය සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මගින් හෙළිකර ඇත.
තමන් ඇතුළු මිතුරන් පිරිසක් මුම්බායි හෝටලයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැඳී සිටින අයුරු දුටු බවත් ඔවුන්ගේ සමරු සටහන් ලබා ගැනීම සදහා එම ක්‍රීඩකයින් රැඳී සිටින හෝටලය කරා ගිය බව ඇය ප්‍රකාශ කර තිබෙනවා. එම අවස්ථාවේ හෝටලයේ පිහිණුම් තටාකය ආසන්නයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුණ රණතුංග තමන්ගේ ඉන පෙදෙසින් ඇල්ලු බවත් වහා ඔහුගෙන් මිදී එලියට දිව ආ බව එම ගුවන් සේවිකාව සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.
තමන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳී සිටිය මුම්බායි හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරයේ සේවයේ යෙදී සිටින අයට දැනුම් දුන් බවත් ඔවුන් එහිදී ප්‍රකාශ කළේ මෙය පෞද්ගලික සිදුවීමක් බැවින් ඔවුන්ට ඒ පිලිබදව කිසිවක් සිදුකල නොහැකි බවයි.
මෙම ගුවන් සේවිකාව විසින් තමන්ට මුහුණ දීමට සිදුවූ වෙනත් ලිංගික හිංසනයන් පිළිබඳව තොරතුරුද සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.
මේ වන විට ඉන්දියාවේ ජනප්‍රිය සිනමා තරුවක් වන නානා පටේකාර්ට එරෙහිව තනුශ්‍රි දත්තා නම් නිලියක් ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ 2010 වර්ෂයේදී චිත්‍රපටයක් රූගත කිරීමේ අවස්ථාවේදී වූ බව සදහන් කරමින්.
ඉන් පසුව ඉන්දියාව තුල කාන්තාවන්ට මුහුණ දීමට සිදුවූ හිංසනයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමේ අරමුණින් #MeToo නම් ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ වූ අතර ඉන් ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් තමන්ට ලිංගික හිංසා සිදුකළ බව චෝදනා කරමින් විවිධ කාන්තාවන් හා තරුණියන් තොරතුරු ලබාදීම් සිදුකරමින් තිබෙනවා.
නමුත් මේ දක්වා එල්ල කරන ලද කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට එම චෝදනා එල්ල කරනු ලබන පාර්ශවයන් සමත්ව නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
1996 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානය හිමිකර දුන් කීර්තිමත් නායකයෙක් වන අර්ජුණ රණතුංග ඉලක්ක කර ගනිමින් එල්ල වන්නේද එවැනි චෝදනාවක්ද යන්න ගැන සැක මතුවී තිබෙනවා.
එම තරුණිය තබා තිබු ෆේස්බුක් සටහනේ කොටසක් :