ආනන්දිගෙන් නව දේශපාලන පක්ෂයක්

උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය ඊයේ (16) නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කළ ඇමතිවරිය පවසා ඇත්තේ තම පක්ෂය  ”දෙමළ ඊළාම් ස්වයං රාජ්‍ය සංවිධානය” වශයෙන් නම් කොට ඇති බවයි.

පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ළගදීම ඉදිරිපත් කරණ බවත් මීළගට උතුරු පළාත් සභා මැතිවරණය සදහා තමන් තරග වදින්නේ මේ පක්ෂයෙන් බවත්  අමාත්‍යවරිය සදහන් කළාය.

ආනන්දි සෂිහරන් අමාත්‍යවරිය 15 දා යාපනයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග  උත්සවයකට  සහභාගී වූ අවස්ථාවේදී  තමන් දෙමළ ජනතා සභාව නව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කොට වෙනස් අන්දමක දේශපාලන ගමනක් යන බව  සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා වීස්න් ආනන්දි සෂිහරන් ඇමතිවරියට පවසා තිබේ.

තමන්ගේ මේ දේශපාලන ගමනට එක්වන මෙන්  ප්‍රධාන අමාත්‍යවරයා ආනන්දි සෂිහරන් මහත්මියගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කොට තිබුණේ තමන්ද වෙනත් දේශපාලන  අරමුණක් කරා ගමන් කිරීමට තීරණය කොට ඇති බවයි.

ආනන්දි සෂිහරන්  මහත්මිය  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නියෝජනය කාර්මින් දෙමළ ජාතික සන්ධානය හරහා උතුරු පළාත් සභා මැතිවරණයට තරග කළ නමුත් මීට වසරකට පමණ ඉහතදී මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවති ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ආනන්දි සෂිහරන් මහත්මිය ඇතුළු තුන් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කොට තිබුණි.

ඒ පිළිබදව තොරතුරු දැනගත් අවස්ථාවේදී  දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයා මැදිහත්වී පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කළ බව දැක්වෙන ලිපි ඒ පිරිසට ලබා දීම නතර කරවන ලදී.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක  සභාව ඊට පසුව අවස්ථා කීපයක්ම රැස් වූවත් ආනන්දි සෂිහරන් මහත්මිය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය වෙනස් කිරීමකට ලක් නොවුණි.

කෙසේ වෙතත් මේ සිද්ධීන් වලින් පසුව මාවෙයි සේනාධිරාජා මහතා හා ආනන්දි සෂිදරන් මහත්මිය අතර විශාල විරසකයක් පැවතුණි.

ඇය විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා ලද්දේ මේ විරසකය නිසාම බව උතුරේ දෙමළ දේශපාලනඥයෝ කියා සිටිති.

එමෙන්ම නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලනඥයෝ රැසක්ම ආනන්දි සෂිහරන් මහත්මියට සුබ පතා තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *