ඇමති මලික්ගේ බැංකු ගිණුමක තිබූ රුපියල් කෝටි 15 ක් රජය විසින් තහනම් කරයි

ජාත්‍යන්තර වෙලඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට අයත් බැංකු ගිණුමක තිබූ රුපියල් කෝටි 15 ක මුදලක් රජය විසින් තහනම් කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මුදල් උපයාගත් ආකාරය පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. රජයේ ඇතැම් විෂමාචාර ක්‍රියා සම්බන්දයෙන් විවිධ අයුරින් නම් වී ඇති මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ඇමති ධූරය පිළිබදවද නුදුරේදීම පියවරක් ගනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.