ඇමති හර්ෂගේ ගෝලයා නව පක්ෂයක් සඳහා තිස්ස එක්ක ඩීල්

නව පක්ෂයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මේ දිනවල කරනු ලබන සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් පළාත්පාලන මන්ත්‍රීවරු  ද සහභාගී වන බව වාර්තා වනවා.
රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සංවිධායකත්වය දරන කෝට්ටේ ආසනයේ කෝට්ටේ නගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලද චන්දිම නයනජිත් සහ ධම්මික චන්ද්‍රරත්න  ඇතුළු දෙදෙනෙක් පසුගිය සිකුරාදා තිස්ස අත්තනායක මහතා සමග සාකච්ඡා කර තිබෙනවා.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් නව දේශපාලන පක්ෂය සඳහා එකතු කර ගත යුතු ආකාරය සාකච්ඡා කළ බවයි එම හමුවට එක්වූ නියෝජිතයෙකු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් ද යන්න පිළිබඳව ඔහුගෙන් අප කළ විමසීමක දී එම නියෝජිතයා සඳහන් කළේ චන්දිම නයනජිත් මහතා විපක්ෂ නායක තනතුරට පත් කළේ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා නිසා ඇතැම් විට ඔහු දැනුවත් ද යන්න පිළිබඳව සැක පළ වන බවයි.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පහත පරිදි සටහනක් තබමින් සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූප ද පළ කර තිබෙනවා.
‘ජනතා බලය ජනතාව වෙනුවෙන් ගොඩ නැගිමේ ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් සමාජය ඉටුකල යුතු කාර්‍ය් භාරය හා වගකිම පිලිබදව නව ප්‍රවේශයක් වෙනුවෙන් අප කථිකාවක් ආරම්භ කෙලෙමු.
අප රට ගොඩ නැගිම සදහා සැබැ උවමනාවක් ඇති පුරවැසියන් එකට එකතු කරමින් දේශියත්වය හා අපේ කම් රකිමින් ජාතියන්තරය සමග ඉදිරියට යන නව ආර්ථික වැඩ පිලිවලක් අපට අවශ්‍යය .ජාතියට බත සපයන ගොවියා ” වෘතිකයෙක් ” කිරිම අපේ අපේ අරමුනයි .
මේ වෙනුවෙන් අප ඇරඹු වෘතිකයන් හා ව්‍යාපාරික හමුවක් පසුගියදා මහරගමදි පැවැත්වුනි. මේ සදහා එක්වු හැම දෙනාම අපගේ නව වැඩ පිලිවලට උපරිම සහය වන්නට කැමැත්ත ප්‍රකාශ කලහ.’
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.