උඳු ආනයන බද්ද 100% කින් වැඩිවෙයි

උඳු ආනයනයේදී කිලෝග්‍රෑමයකට මේ වනවිට පනවා ඇති රුපියල් 150ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, එළඹෙන වසරේ සිට රුපියල් 300 දක්වා වැඩි කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ දේශීය ගොවියා දිරිමත් කර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත උඳු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 20,000ක් වන අතර, ඉන් 12,000ක් රට තුළ වගා කිරීමෙන් ලබාගන්නා බවත්, ඉතිරි මෙට්‍රික් ටොන් 8000 වාර්ෂිකව මෙරටට ඉන්දියාවෙන් ආනයනය කරන බවත් සඳහන් කරන අමාත්‍යවරයා එලෙස උඳු ආනයනය සඳහා රුපියල් මිලියන 2000ක් වාර්ෂිකව වැයවන බවද පෙන්වා දෙයි.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ ආනායනය කරනු ලබන උඳු මෙට්‍රික් ටොන් 8000ක ප්‍රමාණය රට තුළම වගා කිරීම සඳහා වවුනියාව ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 16,000ක් යොදා ගැනීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය වවුනියාව පන්බෙයිමඩු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති උඳු වගා සංවර්ධන කලාපයේ වගා කිරීමට අවශ්‍ය උඳු බීජ ගොවීන් වෙත ලබාදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊයේ (15දා) සිදු කළ අතර, එහිදී උඳු බීජ කිලෝග්‍රෑම් 125,000ක් ගොවීන් අතර බෙදා දෙනු ලැබිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *