උපුල් ජයසූරියගේ නීතීඥ සංගමයත් බැදුම්කරෙන් සල්ලි අරන් – රංජන්

කුප්‍රකට උපුල් ජයසූරිය නැමැත්තා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පර්පෙචවුල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන ඇතැයි පැවසෙන කාරණය සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට (රහස් පොලීසියට) ඊයේ (04දා) සවස පැමිණියේය.

මෙම කරුණ සම්බන්ධව තමන් විසින් මීට පෙර පැමිණිලි කර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදුන් බවත්, අද දිනයේදී දෙවැනි වරටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි බවත් නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

බැඳුම්කර වංචාවට අදාළව අධිකරණය විසින් සිරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචවුල් ටෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගැනීම වරදක් බවත්, නීතිඥ සංගමය සභාපති ලෙස උපුල් ජයසූරිය මෙලෙස ලබාගත් මුදල් නැවත ලබාදිය යුතු බවත් රාමනායක මහතා මෙහිදී පවසා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.