කැබිනට් රහස් එළියට දෙන අය කොටු කරයි

කැබිනට් රහස් මාධ්‍යයට හෙළිකරන අමාත්‍යවරුන් හඳුනාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය සතියේ මාධ්‍ය මගින් හෙළිදරව් වූ “රෝ” ඝාතන කතාව ගැන තමන්ට ඇමැතිවරුන් සිව් දෙනෙකුගෙන් තොරතුරු ලැබුණ බව (ද හින්දු) පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී (මීරා ශ්‍රීනිවාසන්) පසුව ප්‍රකාශ කර තිබිණි.

මෙම පුවත ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් ඇමතීය. ඉන්පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද මේ පුවත ලැබුණ ආකාරය හා එහි පසුබිම ගැන රහස්‍ය වාර්තා තුනක් මේ වනවිටත් කැඳවා ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

මේ කතාව ව්‍යාජයක් බවත් එය මාධ්‍යයට ප්‍රකාශ කළ ඇමැතිවරුන් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට පාර කැපීම නිසා මේ ගැන වහා විමර්ශනය කළ යුතු බවත් අමාත්‍ය මහින්ද සමරසිංහද මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේය.

කෙසේ හෝ ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් දුරකතන දත්ත ඇතුළු තොරතුරු විශ්ලේෂණය කරමින් මේ ගැන විමර්ශන සිදු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.