2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු තීන්දුවක්් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‌ෂකයා කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් වන අතර එසේ තිබියදී එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්‌ෂකයා සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කරන ලද වාර්තා තරයේ ප්‍රතික්‌ෂේප කරන බව හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරණ අපේක්‌ෂකයා සම්බන්ධව ඇතැම් මාධ්‍ය පළ කරන ලද අසත්‍ය ප්‍රවෘත්තිවලට පිළිතුරු දෙමින් පෙරේදා (07 ) කුරුණෑගලදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ නලින්a බණ්ඩාර මහතා තවදුරටත් මෙසේ ද කීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත පොදු අපේක්‌ෂක ලෙස නම් කිරීමට සාකච්ඡා කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පළ කර තිබෙන ආකාරය මා දුටුවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව අවධාරණය කරනවා.
2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‌ෂකයා සම්බන්ධව එක්‌සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නැහැ. ජනාධිපතිවරණයක් සඳහා ජනාධිපති අපේක්‌ෂකයා නම් කරනු ලබන්නේ පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ගන්නා ලද තීන්දු අනුවයි.
2020 මැතිවරණය සඳහා තවත් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිබෙනවා. එක්‌සත් ජාතික පක්‌ෂය යනු අවුරුදු එකහමාරකට පෙර අපේ ජනාධිපතිවරණ අපේක්‌ෂකයා කවුදැයි තීරණය කරන පක්‌ෂයක් නොවන බව කිව යුතුයි. 2020 වනවිට රටේ පවතින දේශපාලන තත්ත්වයත්, සියලු පක්‌ෂ හා සිවිල් සංවිධානවල වගේම සුළු ජාතීන්ගේa විශ්වාසය ලබාගෙන ඒ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි පුද්ගලයා ජනාධිපති අපේක්‌ෂකයා ලෙස අපි නිසි වේලාවට ඉදිරිපත් කරනවා. අපේ බලාපොරොත්තුව වන්නේa 2020 දී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමයි. එක්‌සත් ජාතික පක්‌ෂයේ බහුතරයකගේ මතය වන්නේ එයයි.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව අපි කිසි විටෙක ප්‍රතික්‌ෂේaප කරන්aනේ නැහැ. අපි එතුමා සමග වැඩ කරනවා. එතුමා ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය විශාල දායකත්වයක් ලබා දුන්නා. එම නිසා අපි ජනාධිපතිතුමාගෙන් ද බලාපොරොත්තු වන්නේ 2015 දී එතුමාට විරුද්ධව කටයුතු කළ බලවේග සමග එකතු නොවී ජනතා අපේක්‌ෂාවන් මුදුන් පත් කරවා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරනු ඇති බවටයි.