ජනාධිපති කොමිසමටත් හෙලි නොවුනු බැඳුම්කරේ අතයට ඩීල් – මහමොලකරු උපුල් ජයසූරිය

මහබැංකු බැඳුම්කර සිද්ධිය රට තුල විශාල ආර්ථිකමය වශයෙන් බලපෑමක් එල්ල කරන ලද සිදුවීමක් විය. බැඳුම්කර වෙන්දේසිය පිලිබඳව එකිනෙකා චෝදනා කරගන්නා අතරවාරයේ එහි ඇත්ත වගඋත්තරකරුවන් සැඟව සිට සමාජයට සුදු චරිත පෙන්වන බව බොහෝ පිරිසක් නොදන්නේය. මේ ඒ පිලිබඳව හෙලිදරව්වකි.

බැඳුම්කර සිද්ධිය පිලිබඳව ඉඳුරාම චෝදනා එල්ල කලේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාටය. නමුත් ඔහුගේ මුදල් අමාත්‍යාංශ විෂය පතය තුල මහබැංකුව අයත්ව තිබුනේ නැත. නමුත් නිවසක් සම්බන්ද සිද්ධියක් මුල්කරගනිමින් බැඳුම්කර නම් වූ මහා මූල්‍ය වංචාවේ මුහුණත වෙනත් දිශාවකට හරවන්නට ජනාධිපති කොමිසමේ සිටි උසස් ප්‍රද්ගලයන් කටයුතු කල බව නොරහසකි. එනම් එම වංචාවේ සැබෑ  වගඋත්තර කරුවන් නිදැල්ලේ හරිමින් කැකිල්ලේ තීන්දුවකට ඔවුන් සැරසුන නිසාය. මහබැංකු බැංඳුම්කර සිදුවීම පිලිබඳව නිරන්තර විමර්ෂණයක සිටි අප මෙහි තිරය පිටුපස සිිටි මහා ඩීල්කරුවා කවුදැයි අනාවරණය කර ගතිමු.

ඔහු නමින් නීතිඥ උපුල් ජයසූරිය බැව් අපගේ පරීක්ෂණ වලදී අනාවරණය විය. මහ බැංකු සිදුවීමට වගකිව යුතු ජාත්‍යන්තර වෙලඳ කටයුතු ඇමති මලික් සමරවික්‍රම ඉන් ඉවත් කර ගැනීමට කොමිසම සමග ඩීල් දැමූ තැනැත්තා නීතිඥ උපුල් ජයසූරිය බැව් අප හට තොරතුරු අනාවරණය විය. නීතිඥ සංගමයේ සභාපති වශයෙන් උපුල් ජයසූරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව සමග ඇතිකරගත් දැඩි සම්බන්දතාවය මත ඔහු මුදල් ගනුදෙනු හරහා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලයන් මුදලට නම්මා ගැනීමට සමත් විය.

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස රාජකාරී කරන ලද උපුල් ජයසූරිය එම තනතුරේ බලතල අනිසි අයුරින් ක්‍රියාත්මක කරමින් ඇමති මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි කටයුතු කරමින්, ආයෝජන මණ්ඩලේ සිදුවූ දූෂන සහ අක්‍රමිකතා රැසක් සිදුකලේය. එම අක්‍රමිකතාවන් වෙනුවෙන් ඔහු හට චෝදනා 241 යටතේ නඩු 241 ක් පවරා ඇත. මේ සියලු නඩු කටයුතු වලින් නිදහස් වීමට උපුල් ජයසූරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ දප්පුල ද ලිවේරා හරහා අවශ්‍ය කටයුතු සලසා ගන්නා බව වාර්තා වේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල සැබෑ වංචනිකයන් නිදැල්ලේ සිටීමටද මෙම සිද්ධි ඉවහල් වී ඇති අතර, මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරුන් දෙදෙනා අතර සම්බන්දතාවය ගොඩ නැගීමට නීතිඥ උපුල් ජයසූරිය කටයුතු කර ඇති බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම අයතා ඩීල් ගනුදෙනු හේතුවෙන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවට ගෙන ඒම වලකා ඇතැයිද, එම සිද්ධිය සම්බන්ධීකරණය කරමින් රටේ සිදු වූ මහා මූල්‍ය වංචාවට වගකිව යුත්තන් සමාජයට වසන් කරමින් නීතිඥ වෘත්තියටද නිගරු අන්දමින් හැසිරෙන උපුල් ජයසූරිය වැනි මහජන මුදල් මංකොල්ලකරුවන් නුදුරේදීම නීතිය හමුවට ගෙන ආ යුතු බව අපගේ අදහසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.