මෙරට මහා මාර්ග ආශ්‍රිතව නව නාගරික විදුලි පහන් පද්ධතියක් ස්ථාපිත කිරීමට දකුණු කොරියාවෙන් සැපයෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ණය ආධාරය අනුමත කර ව්‍යාපෘතිය ඇරැඹීම විෂය භාර දේශපාලන බලධරයන් විසින් වසර තුනක් තිස්සේ ප්‍රමාද කිරීම ගැන කොරියානු තානාපතිවරයා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.
මේ සඳහා වන අයෝජන එකඟතාව වසර 2015දී ඇතිකරගෙන තිබේ. දැනට මහා මාර්ගවල සවිකර තිබෙන සම්ප්‍රදායික විදුලි පහන් වෙනුවට සුහුරු පාලන (LED) විදුලි පහන් පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ සැලසුමයි.
ව්‍යාපෘතිය ඇරැඹීමට පෙර ඒ සඳහා පළාත් සභා හා පාළාත් පාලන අමාත්‍යවරයා කැබිනට් පත්‍රකාවක් මගින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත යුතුය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කිසියම් නොදන්නා හේතුවක් මත මෙකී අනුමැතිය ලබා ගැනීම පමා කිරීමෙන් අදාළ ව්‍යාපෘතිය ඇණ හිට ඇති බැවින් එය සක්‍රීය කර දෙන ලෙස කොරියානු තානාපති හී හියොන් මහතා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. මේ ගැන සිය රජය දැඩි උනන්දුවෙන් බලා සිටින බවද ඔහු සඳහන් කර තිබේ.
දිගින් දිගටම මෙම ව්‍යාපෘති ප්‍රමාදය ගැන කරුණු විමසීමට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇමතුවත් ඔහු දුරකථනයට සම්බන්ධ කරගත නොහැකි විය.