ත්‍රිරෝද රථ සදහා ඔක්ටේන් 87 එයි

ත්‍රිරෝද රථ සඳහා භාවිත කළ හැකි අඩු වියදම් ප්‍රෙටල් වර්ගයක් ඉදිරි මාසයේදී හඳුන්වා දීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 87 හෝ ඊට අඩු ඔක්ටේන් අගයකින් මෙම ප්‍රෙටල් වර්ගය ඉදිරි මාසයේදී වෙළෙඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, පවතින මිලට වඩා රුපියල් 08ක් පමණ අඩුවෙන් එය හඳුන්වා දීමට නියමිතය.

මෙම ප්‍රෙටල් වර්ගය යතුරුපැදි සඳහාද භාවිත කිරීමට හැකියාව ඇත්ද යන්න මේ දිනවල පරීක්‍ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් ‍කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,

ලාබ ප්‍රෙටල් එකක් හදන්න අපි සැලසුම් කරගෙන යනවා. පවතින මිලට වඩා රුපියල් 08ක් විතර අඩුවෙන් මේ ප්‍රෙටල් වර්ගය වෙළෙඳ පොළට නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එය භාවිත කරන්න පුළුවන් ත්‍රිරෝද රථවලට පමණයි. යතුරුපැදිවලට එය භාවිත කරන්න පුළුවන්ද කියා පරීක්ෂණ පවත්වාගන යනවා. බොහෝ දුරට එය සාර්ථකයි. ඉදිරි මාසය තුළ හඳුන්වා දෙන්න පුළුවන් වෙයි* යැයි පවසා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.