හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළා. අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවකු ලෙස තීරණය කර කොළඹ මහාධිකරණය 2016 සැප්තැම්බර් 08දා නියම කළ මරණීය දණ්ඩණයට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල සලකා බැලීමෙන් අනතුරුවය.
2016 සැප්තැම්බර් 08දා නඩු තීන්දුව දුන් අවස්ථාවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දුව දෙමින් කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් විත්තිකරුවන් 11 දෙනා නිදොස් කොට නිදහස් කරන බවය.
විනිසුරු මඬුල්ලේ පද්මිණි.එන්.රණවක සහ එම්.කේ.ඩි. මොරායස් යන බහුතර විනිසුරුවරු මෙම දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු චෝදනා වලට වරදකරු කරන බවයි කියා සිටියේ