පාර්ලිමේන්තුව කැඳවන්න කරූට බෑ – ජෝශප් මයිකල්

ජනාධිපතිවරයා විසින් කල් තබන ලද පාර්ලිමේන්තුව නියමිත දිනයේදී හැර වෙනත් දිනයකදී කැඳවීමේ බලය කථානායකවරයාට නොමැති බව හිටපු කතානා‍යක ජෝෂප් මයිකල් පෙරේරා මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව කල් තබන බවට ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් තීන්දු කර ඇති බවත් එලෙස කල් තබන ලද පාර්ලිමේන්තුව රැස්කිරීමේ හැකියාව කථානායකවරයාට නොමැති බවත් හිටපු කථානායකවරයා පැවසීය. එහිදි අදහස් දැක්වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතා මෙසේද සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරියක වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ද එක් අවස්ථාවදී පාර්ලිමේන්තුව කල් තැබුවා. ඒ අවස්ථාවේදී කතා‍නා‍යකවරයා ලෙස මම යම් මතයක් ඉදිරිපත් කළා. එයත් පරිශීලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. කොහොම උනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ පෞද්ගලික ගැටලුවක් මට නැහැ. නමුත් අගමැති ධූරය සඳහා පත්කර තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.

මේ මොහොත වනවිට ජනාධිපතිවරයා විසින් පාර්ලි‍මේන්තුව කල් තබා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මිනිසුන්ගේ උත්තරීතර ලියවිල්ල.ඒ වගේම බහුතරය සිටින පක්ෂයක අයෙකු පත්කර ගැනීමේ ගැටලුවක් නැහැ. ආණ්ඩුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය හා අයිතිය ආරක්ෂා කළ යුතුයි.

කොහොම වුණත් මේ වෙලාවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබා තිබෙනවා. ජනාධිපතිවරයා කල් තැබූ දිනයට පෙර පාර්ලිමේන්තුව රැස් කිරිමේ බලයක් කතානායකවරයා සතු වන්නේ නැහැ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *