ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(25) ප.ව.1.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට පත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සලකා බලා තිබේ.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.
එමෙන්ම, අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයන් සඳහා ජනාධිපතිතුමා විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරින් එක් අයෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.
එමෙන්ම, ස්වකීය ධූර කාලය අවසන්ව ඇති ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීම පිළිබඳවද අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවධානය යොමු කර ඇත.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස වූයේ පසුගිය සභා වාරයේදී යෝජනා වූ පරිදි දැනට ස්වාධීන කොමිෂන් සභාවන්හි කටයුතු ඉතා කාර්යක්ෂමව සිදුවෙමින් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, එහි වත්මන් සාමාජිකයන්ගේ ධූර කාලය වයස අවුරුදු 80 උපරිම සීමාවට යටත්ව තවදුරටත් දීර්ඝ කිරීම යෝග්‍ය බැවින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹිය යුතු බවයි.