බන්දුල ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් කැඳවා සාක්ෂි විමසූ ආකාරයට මෙම ආයතන තුනෙහි ඉහළ නිලධාරීන් සිදුකර තිබෙන වංචා දූෂණ සම්බන්ධව සාක්ෂි විමසා වැරදිකරුවන් රටට අනාවරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අරමුදල්වලින් අඩු පොළියට ණය ලබාගෙන ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එම ණය මුදල් යළි නොගෙවීම නිසා බොල් ණය ලෙස කපා දමා තිබෙන බවත්, විදේශයන්ගෙන් භාණ්ඩ ආනනයනය කරන ව්‍යාපාරිකයන් එම බැංකුවල ණයවර ලිපි ඉවත් කරගෙන තිබෙන බවත්  ඔහු කීය.

එම බැංකු දෙකේ අරමුදල් සතුව දැනට තිබෙන රුපියල් බිලියන 3500ක මුදල තවත් අඩුවිමේ අවදානමක් තිබෙන බවත්, මෙම අවදානම  නතර කර නොගතහොත්  රාජ්‍ය මූල්‍ය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.