රටේ ආර්ථිකය කඩාවැටීමේ සම්පූර්ණ වගකීම අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව විසින් භාරගෙන වහා ඉල්ලා අස්විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පලකල අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ මේ වනවිට ඇමෙරිකානු ඩොලරය රුපියල් 171 යි. මහ බැංකුවත් විශ්වාස කරනවා මෙය 200 දක්වා ඉහළ යයි කියලා. ඒ වගේම මිල සූත්‍රයක් දාලා ආර්ථිකය දැඩි අස්ථාවරත්වයකට මුහුණදී තිබෙනවා. ඒ වගේම රටේ විදේශ සංචිත ඉතිරි වී ඇත්තේ ණය ගෙවීමට පමණයි. ඒකත් ආණ්ඩුව පාවිච්චි කරනවා ඩොලරයේ අගය වැඩි වීම නවත්වා ගැනීමට.
රට අරාජික වෙලා. ලබන මාසයේදී මංගලගේ අවමංගල අයවැය ඉදිරිපත් කෙරෙනවා. එම අයවැය රටේ ජනතාවට කුමන විදියට බලපායිද? මංගල ඇමැතිවරයාට අවශ්‍ය සමනල යුගයක් විතරයි. රාජපක්ෂ කාලයට වඩා මෙම මස 10 වැනිදා ඉන්ධන මිල වැඩිවෙයි.