විදේශ රටක සිට රුපියල් කෝටි 15ක මුදලක් බැරවී ඇතැයි කියන බැංකු ගිණුම හිමි ඇමතිවරයා තමා නොවන බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
කෝටි 15ක මුදලක් බැංකු ගිණුමට බැර වී ඇතත් ඒ කුමක් සදහාදැයි හෙලි කර ගැනීමට අපොහොසත් වීම නිසා ප්‍රබල ඇමතිවරයෙකුගේ ගිණුම අත්හිටුවා පරික්ෂා කරන බවට අන්තර්ජාලයේ පලවූ වාර්තා ගැන ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා කියා සිටියේ අදාළ පුවත සමඟ තමන්ගේ පිංතූරයක් අන්තර්ජාලයේ හුවමාරු වුවත් තමන්ගේ කිසිදු බැංකු ගිණුමක් අත්හිටුවා නැති බවත්ය.
තමන්ගේ ගිණුම් තහනම් කරන්නේ නම් ඒ මුදල් නැති වීම නිසා බවද ඔහු සඳහන් කළේය.
විදේශ රටක සිට රුපියල් කෝටි 15 ක මුදලක් අදාළ ඇමතිවරයෙකුගේ මුදල් ගිණුමට බැර වී ඇති බවත් ඒ වන විටද කෝටි 40 ක මුදලක් ගිණුමේ තිබූ බවත් එම අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි