ලංකාව තුල අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ආයෝජන මණ්ඩයේ අනුමැතිය දීම සදහා රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව ‘සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ්’ සමාගම චෝදනා කරයි.
එම සමාගමේ නියෝජිතයන් පිරිසක් කොලඹදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ රාජ්‍ය ඇමතිවරයා විසින් ඉල්ලා සිටි කොමිස් මුදල 10%ක් බවයි.
එල්ල වන මෙම චෝදනා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා දැඩිව විවේචනය කරමින් කියා සිටියේ එවන් සමාගමක් නැති බවත් ඔවුන් පල් හොරු පිරිසක් බවත්ය.
මෙම ව්‍යාපෘතියේ ආයෝජානය යුරෝ බිලියන පහක් යයි කියූ බවත් ඇමතිවරයා කීය.
එනම් සමාම කියන පරිදි ඇමතිවරයා ඉල්ලා ඇති කොමිස් මුදල යුරෝ මිලියන 50කි. රුපියල් මිලියන 10,000කි බිලියන 10කි.