හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම සඳහා අවහ්‍ය දේශපාලන සහයෝගය ලබා දෙන ලෙස ඇමති මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන්ට ඉන්දීය රජයේ බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.
මෙම උපදෙස් දී ඇත්තේ ඇමතිවරයා සහ එම පක්ෂයේ මහජන නියෝජත පිරිසක් විසින් ආසන්න දින කිහිපයේදී කරන ලද ඉන්දීය සංචාරයේ දී ය.
මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා කෙසේ හෝ එක් කරන බවත් මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කරන බවටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන බවටත් ඉන්දීය රජයේ බලධාරීන් විසින් සදහන් කර ඇත.
ඒ නිසා එළඹෙන විශේෂ දේශපාලන තත්ත්වයක දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට අවශ්‍ය කරන සහයෝගයක් ලබාදෙන ලෙස ඉන්දීය නියෝජිතයන් ඔවුනට දන්වා තිබේ.