මෛත්‍රී මංගලට සතියක් කල්දෙයි

වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ජාතික ආර්ථික සභාව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් 16දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී ජනපතිවරයා මෙම උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කොට ඒවා  දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවද ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

දැනට ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කොට පාරිසරික වශයෙන් මෙන්ම දේශීය කර්මාන්තයන්ට අයහපත් බලපෑමක් කරනු ලබන පොලිතින් ආනයනය  සීමා කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම පාලනය කිරීම මගින් සහ ආනයනය කරන භාණ්ඩ සඳහා නිසි පරිදි රේගු බදු අය කිරීම මගින් රටේ වෙළෙඳ ශේෂයේ හිඟය පියවිය හැකි බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.