අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර විශේෂ හමුවක් ලබන සතියේ දී සිදුවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරවාරයේ දී නවදිල්ලි නුවර දී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර මේ හමුව සිදුවීමට නියමිතය.
ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය 2020 දිත් පැවැත්වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා – ඉන්දියා අග්‍රාමාත්‍යවරුන්ගේ හමුව අතිශය තීරණාත්මක වනු ඇතැයි ඉන්දීය මාධ්‍යවල ප්‍රමුඛස්ථානයක් දෙමින් පුවත් පළ කර ඇත.