“රණවිරුවෝ දෙමළ තරුණියෝ දූෂණය කළා කියලා කියද්දී ශ්‍රී ලංකාවේ ජිනීවා නියෝජිතයා කට පියාගෙන ෆේස්බුක් ගියා” අදහාගත නොහැකි රහසක් මහාචාර්ය චන්න හෙළිකරයි

පසුගිය දිනවල පැවැති ජීනිවා මානව හිමිකම් කොමිසමට සිය මුදල් සහ ශ්‍රමය වැය කරමින් ස්වේච්ඡාවෙන්ම සහභාගී වූ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් එහිදි කොටි ඩයස්පෝරාව මතවාදීව පරාජය කිරීමට සමත්වූ පුවත නෙත් ගොසිප් අප මින්පෙර වාර්තා කළෙමු. විදෙස්ගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කළ මෙම අවස්තාවට ශ්‍රී ලංකාවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු පිරිසක්ද සහභාගී විය.

එහිදි ශ්‍රී ලංකාවේ ඉතිහාසය මැනවින් විග්‍රහ කරමින් 13 වන සියවසට පෙර ශ්‍රී ලංකාවේ උතුරු පළාතේද ජීවත්ව සිටියේ සිංහලයන් බවට ජීනිවා මානව හිමිකමේ සාක්ෂි සහිතව ඔප්පු කරමින් කොටි ඩයස්පෝරාව අසරණ කිරීමට මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු කණ්ඩායම සමත් විය.

එම ජිනීවා සමුලුවට සහභාගීව නැවත ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය චන්න ජයසුමන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ‘එළිය’ වැඩසටහනට සහභාගී වූවා. එහිදි දේශනයක් සිදු කළ මහාචාර්යවරයා ජිනීවා මානව හිමිකම් සමුලුවේ සිදුවූ කරුණු පිළිබදව අදහස් දැක්වූවා. කොටි ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට චෝදනා කරද්දී ජිනීවාහි ශ්‍රී ලංකාවේ රජයේ තානාපති නියෝජිතයන් නිහඩව ෆේස්බුක් වෙඩ් අඩවියේ සැරි සැරූ බව මහාචාර්ය චන්න ජයසුමන පැවසුවා.

මහාචාර්යවරයාගේ එම දේශනය පහතින්,

Ad Widget

Recommended For You

About the Author: Editor

4 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *