එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා තීරණය ගැනීමට දින 14ක කාලයක් අතුලත වාර්තාවක් සකස් කිරීම සදහා කමිටුවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිනයේ රැුස්වූ සන්ධාන විධායක සභාව විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත්තේ ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස, සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර, ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමති දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. බි. දිසානායක, දිනේෂ් ගුණවර්ධන සුසිල් ප්‍රේම්ජයන්ත යන පිරිසයි.
සන්ධාන විධායක සභිකයන් දැඩිව පවසා ඇත්තේ ආර්ථිකය දිනපතා කඩා වැටෙමින් ඇති නිසා තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය නොහැකි බවයි.