රවී කරුණානායක මහතාව තවදුරටත් පක්ෂයෙන් හා තනතුරු වලින් ඈත් කර තැබීම ආසාධාරණ බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
රවී කරුණානායක මහතාට එරෙහිව චෝදනාවක් ඇත්නම් නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් එය ඉදිරිපත් කළ යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රවී කරුණානායක මහතාට චෝදනා එල්ල වන විට පක්ෂයක් ලෙස ඔහුට විරුද්ධ වූ නමුත් දැන් ඒ පිළිබඳ අනුකම්පාවක් ඇති වන බව පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තවදුරටත් රවී කරුණානායක මහතාව අසාධාරණයට ලක් නොකර සාධාරණය ඉටු කළ යුතු බවයි.
නිශාන්ත ප්‍රියදර්ශන