රවී චෝදනාවලින් නිදහස්… නැවතත් ප්‍රභල කැබිනට් ඇමතිධූරයක් හිමිවන ළකුණු

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන අය නැවත කැබිනට් මණ්ඩලයට ගෙන ඒම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට සැරසෙන බව රජයේ තතු දත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රශ්ණගත බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉටුවතතෙක් තම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නැවත අමාත්‍ය ධුරයේ පිහිටවන්නැයි විවිධ පාර්ශව විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණත්, එම ඉල්ලීම් මේ වන තෙක් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ පාර්ශවය විසින් ක්‍රියාත්මක කළේ නැත.

ප්‍රශ්ණගත බැඳුම්කර නිකුතුවට අදාළ ගණුදෙණුවේදී අර්ජුන් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම සමඟ සම්බන්ධතා පැවැත්වූයේ යැයි කරුණානායක මහතාට චෝදනා එල්ල වුණු අතර, තමන්ට එරෙහි සාධාරණ පරීක්ෂණයක් නිමවනතෙක් සදාචාරාත්මකව තම අමාත්‍යධූරයට තාවකාලික විරාමයක් කරුණානායක මහතා ලබා දුන්නේ වගකිවයුත්තන් තමන්ට සාධාරණය ඉටු කරාවි යැයි තරයේම විශ්වාස කරමිනි.

එහෙත්, ඒ කිසිඳු චෝදනාවක් මඟින් කරුණානායක මහතා සෘජුවම බැඳුම්කර චෝදනාවට සම්බන්ධයක් ඇතැයි ඔප්පු කිරීමට නීතිපතිවරයාගේ වාර්තාවලින් පවා අසමත් වීම මඟින් නැවත කරුණානායක මහතාට අමාත්‍යධූරයක් ලබාදීමට වගකිවයුත්තන්ට සිදුව ඇති බව සඳහන් කළ යුතුමය. මන්ද, එකළ ඔහු මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළද මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු කිසිවක් ඔහුගේ පරිපාලනයේ නොවූණු නිසාවෙනි.

මේ අතර දයාසිරි ජයසේකර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුයේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමත් සමඟය. නමුත් ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විශ්වාසය තදින්ම දිනා ගෙන සිටීම සහ, මීළඟ අගමැති සිහිනය දැකීම වෙනුවෙන් නැවතත් ඔහු විසින් කැබ්නට් අමාත්‍යධූරයක් ලබා ගැනීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සනාථ කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.