නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටු වාර්ථාවේදී අඩංගු වී ඇති ඒකීය රාජ්‍ය යන වචනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවටත් රජයේ පොරොන්දු ඉටු නොකරන්නේ නම් මෙවර පැත්වෙන අයවැයට විරුද්ධව ඡන්දය පකාශ කිරීමේ සූදානමක් ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (15) දින යාපනය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.එහිදී මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේය,
‘රජය අපිට ඉටුකරල දෙනව කියපු හුගක් දේවල් තවම ඉටු කරල නැහැ ඒවා නිශ්චිත කාලවකවානුවක ඉටු කලේ නැත්තම් අපි අයවැයට විරුද්ධව කටයුතු කළ යුතු බවට තමයි අපේ බහුතරයක කැමත්ත තියෙන්නේ නමුත් ඒ ගැන ආණ්ඩුවට ලබා දෙන කොන්දේසී කාලවකවානු මොනවද කියල තවම තීරණය කරල නැහැ.
එමෙන්ම මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ මෙහෙයුම් කමිටු වාර්ථාවේ වත්මන් තත්වය පිළිබඳවද මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ,
‘මෙහෙයුම් කමිටු වාර්ථාව දෙන්න තිබුනේ ඔක්තෝම්බර් 25 වනදා නමුත් ඒක මේ නොවැම්බර් 07 වනදා දක්වා කල් දාලා තියනවා ඊට හේතුව මේ වාර්ථාවේ සිංහල දෙමළ පරිවර්තන වල තිබුණු ප්‍රශ්නයක් ඒ අනුව මේ මාසේ 25 වෙනිදා කමිටු සාමාජිකයින් රැස් වෙලා අවසන් එකගතාවය ලබා දෙනවා.
ඒ වගේම පසුගියදා පැවති මෙහෙයුම් කමිටු රැස්වීමේදී ‘ඒකීය රාජ්‍ය යන වචනය පිළිබඳව සාකච්ඡාවක් ඇති වුනා මෙතෙක් ඒ වචනෙට දෙමළෙන් පාවිච්චි වුනේ ඔට්‍රියාච්චි නාඩු කියලයි ඒකට රට ගැන තේරුමක් එන්නනම් ඔරුමිත්ත නාඩු කියන නම දාමු කියලා යෝජනා වුනා නමුත් ඒකට ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා විරුද්ධ වෙලා ඔට්‍ර්යාච්චි කියලම පාවිච්චි කරමු කියල ප්‍රකාශ කලා ඒකයි මේ කමිටු වාර්ථාව පරක්කු වෙන්නේ,
මේ අතර අදාල මෙහෙයුම් කමිටු වාර්ථාව සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී. පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලෙස් දේවානන්ද මහතා යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ,
‘අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටලුවක් ආවොත් සිංහල භාෂාවේ වචනය තමයි අවසානයේ ගන්නේ එබැවින් ඒකීය රාජ්‍ය යන වචනයේ තේරුම තමයි ඔට්‍රියාච්චි කියන වචනය ඔරුමිත්ත නාඩු කියලා කිව්වොත් එක්සත් එට කියලා තමයි තේරුම් එන්නේ ඒබැවින් සිංහල හෝ දෙමළ හෝ ජනතාව රවට්ටන ආකාරයෙන් විය යුතු නැහැ කියලයි මම ඉල්ලන්නේ.. යනුවෙනි.