විග්නේෂ්වරන් පක්ෂයක් මිලට ගන්න සොයයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දකුණේ ලියාපදිංචි කර තිබෙන දේශපාලන පක්ෂයක් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

එහි ආරම්භක පියවර ලෙස හිටපු අමාත්‍යවරයකුට අයත්ව තිබෙන පක්ෂයක් මුදල් ගෙවා ලබාගැනීමට සාකච්ඡා කර ඇතත් තාමත් ඒ ගැන අවසන් තීන්දුවක් නැත. ඒ හැර තවත් මුස්ලිම් දේශපාලන නායකයකු සතු පක්ෂයක් අත්පත් කරගැනීමට ද සාකච්ඡා පවත්වා ඇතැයි කියැවේ.

විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව පක්ෂයක් උතුරේ මහ ඇමැතිවරයාට ඉදිරිපත් වීම සඳහා මෙලෙස අලුත් පක්ෂයක් ලබාගැනීමට සූදානම් වී ඇති බව දැනගන්නට ඇත. හදිසියේ නව පක්ෂයේ ලියාපදිංචි කළ නොහැකි නිසා මෙම තීරණය ගෙන ඇතැයි තතු දත් ආරංචි මාර්ග කියයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.