ශ්‍රී ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණය කිරීමට අදාළ වන කැබිනට් පත්‍රිකාව ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ගුවන්සේවයේ කොටස් 49% ක් පුද්ගලීකරණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව එම අනුමැතියෙන් පසු ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවා සමාගම ලබාදෙන්නේ කුමන පාර්ශවයටදැයි තීරණය කරන බව ද ඔහු සඳහන් කරයි.
පසුගිය එමිරේට්ස් පාලනය යටතේ පැවති කාලයේ දී ගුවන් සමාගම ලාබ ලැබූ බවත් පසුව එම සමාගම ඉවත්වීමෙන් පසු සමාගම පාඩු ලැබූ බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.