සංහිදියාවට අවුල් යැයි හර්ෂ රාජගිරියේ බුදු පිළිමය ඉවත් කරන්න නියෝග දෙයි

රාජගිරිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට ඉදිකර ඇති බුදු මැදුරේ බුදු පිළමයක් තැන්පති කිරීම වහාම අත්හිටුවන්නැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා විද්‍යාලයේ පාලනාධිකාරියට දැනුම් දී ඇති බවට වාර්තා වනවා.

කලකට පෙර වැඩ නිම වුවත්, ඇමතිවරයාගේ බලපෑම නිසා එම බුද්ධ මන්දිරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ.

ඇමතිවරයාගේ අදහස වී ඇත්තේ, එම විද්‍යාලයේ දෙමළ සහ මුස්ලිම් සිසුන්ද ඉගෙනුම ලබන බැවින් බුදු පිළිමයක් තැන්පත් කිරීම සංහිදියාවට බාධාවක් බවයි.  බුදු පිළිමය තැන්පත් කිරීමට අවශ්‍යනම් එහි අන්‍යාගමික සංඛේත හා ප්‍රතිමා තැන්පත් කරන ලෙසද ඔහු දන්වා තිබෙනවා.

රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ සිසුන්ගෙන් 90%ක්ම බෞද්ධ සිසුන් බවයි පැවසෙන්න‍ේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.