ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රමුඛ “අපේ කණ්ඩායම” නමින් හැඳින්වෙන පිරිස අධ්‍යාපන සමුපකාරය තුළ කළ මූල්‍ය වංචා කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණටත් වගකීමක් ඇතැයි අධ්‍යාපන සමුපකාරය රැකගැනීමේ ගුරු පෙරමුණ පවසයි.
පසුගිය 18 වැනිදා කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි කැඳවුම්කරු රොෂාන් ප්‍රියන්ත ප්‍රේමසිරි පැවැසුවේ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තේරී පත්වුණු මන්ත්‍රිවරයෙක් නිසා මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලි විමර්ශනයක් සිදු කොට සුදුසු තීරණයක් ගත යුතු බවයි. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි යම්කිසි විශ්වාසයක් ජනතාව තුළ පැවතියා නම් මේ සිදුවීම ඔස්සේ ඒ විශ්වාසය බරපතළ අයුරින් බිඳවැටීමකට ලක්වන බවද හෙතෙම පෙන්වා දෙයි.
අධ්‍යාපන සමුපකාරය තුළ මතුව ඇති මේ අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් තොරතුරු හෙළි කිරීමට සූදානම් බව අවධාරණය කරන හෙතෙම පවසනුයේ එම සමිතියේ සභාපති ලාල් කුමාර සම්බන්ධයෙන්ද තමන්ට බරපතළ විවේචනයක් පවතින බවයි.