සුමල්ගේ නම්බර්ප්ලේට් ටෙන්ඩර මගඩිය මෙන්න

අංක තහඩු මුද්‍රණ ටෙන්ඩරයට එකම පුද්ගලයන් අධ්‍යක්ෂ ධුර දරන සමාගමක් නම් කීපයකින් සමාගම් කීපයක් ලෙස පෙනී සිටිමින් අයදුම්පත් ඉදිරිපත් කරමින් ටෙන්ඩර් නීති උල්ලංඝනය කර ඇති සමාගමකටම ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුව කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වේ.

මේ ටෙන්ඩරය සඳහා ටෙන්ඩර් අයැදුම්පත් 07ක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් දෙකක් මේවන විට කෙටි ලයිස්තුගත කර තිබේ.

එසේ කෙටි ලයිස්තුගතකර ඇත්තේ ඌච් (UTSCH) සහ ඇක්සස් (Access) හා ඇවන්ස්මාර්ට් (Avonsmart) ඇන්ඩ් ටොංජස් (Tonnjes E.A.S.T.) යන සමාගම් දෙක වේ.

අදාළ ටෙන්ඩර් අයැදුම්පත් කෙටි ලයිස්තුගත කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතාගේ අත්සනින් යුතුව ටෙන්ඩර් අයැදුම්පත් ඉදිරිපත් කළ සෙසු සමාගම්වලට දන්වා තිබේ

එසේ යවන ලද ලිපියක් පහත දැක්වේ.

doc1

ඇවන්ස්මාර්ට් සහ ටොංජස් (Avonsmart & Tonnjes E.A.S.T.)

ඇවන්ස්මාර්ට් සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වන්නේ අරීමා හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම වේ. එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නේ ඇක්සස් සමාගමේ සභාපති සුමල් පෙරේරාගේ පවුලේ අයයි.

අරීමා හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සිවුදෙනාගෙන් තිදෙනෙකු සුමල් පෙරේරා මහතාගේ ළඟම ඥතීහුය.

ඒ සුමල්ගේ බෑණාවන අෂාන් ප්‍රවීන් මලලසේකර, සුමල්ගේ දියණිය වන දේවිකා රුමාලි ස්වාශා පෙරේරා හා සුමල්ගේ බෑණාගේ (අශාන්ගේ) මලණුවන් වන සන්ජිව් ප්‍රසන්න මලලසේකරය. ඒ බව පහත ලියවිල්ලෙන් සනාථ වේ.

doc2 1

Doc2 2

එසේම අදාළ සමාගම වසර 2008 දී ආරම්භ කරන විට සුමල් පෙරේරා එහි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකි. ඒ බව පහත ලියවිල්ලෙන් සනාථ වේ.

doc3

එසේම ඇවන්ට් ස්මාර්ට් ඉංජිනියරින් සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වන්නේ අරීමා හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමයි. ඒ බව පහත ලියවිල්ලෙන් සනාථ වේ.

doc4 2

doc4 1

හවුල්කාරයොත් අවුල් කාරයෝ..

දැනට කාලය අවසන්ව ඇති ටෙන්ඩරය හිමිකරගෙන තිබු UTSCH Tonnjes නමැති ජර්මානු සමාගම එම සමාගමේ නාමය දෙකට කඩා UTSCH සහ Tonnjes ලෙස සමාගම් දෙකක් ලෙස UTSCH සමාගම ඇක්සස් සමාගම සමග ද Tonnjes සමාගම ඇවන්ස්ස්මාර්ට් සමාගම සමග ද මිල ගණන් ඉදිරිපත් කර තිබේ.

UTSCH සමාගම හා Tonnjes සමාගම දෙකම හවුල් ව්‍යාපාරික සමාගම් බව එම සමාගම විසින් පවත්වාගෙන යනු ලබන www.utchtoennjes.com වෙබ් අඩවියට පිවිසීමෙන් සැකහැර දැනගැනීමට හැකියාව තිබේ.

එසේම ජර්මානු සමාගම්වන UTSCH සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ද, Tonnjes සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ද එකම පද්ගලයෙක් වේ. ඒ මාර්කස් මුලර් (Markus Muller) ය. එයද පහත ලේඛනවලින් සනාථ කරගත හැකි වේ.

Doc6

doc5

අවුල කළේ තාක්ෂණික කමිටුව

මේ ටෙන්ඩරය සුමල් පෙරේරාට සම්බන්ධකම් සහිත සමාගමක් හටම ලබාදීමට මූලික සැලැසුම් සකස් කර ඇත්තේ එස්.මෙහේෂ්වරන් මහතා සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික කමිටුව විසිනි.

එය තාක්ෂණික කමිටුවාර්තාව මගින් ටෙන්ඩර් රීති උල්ලංඝනය කරමින් සිදුකර ඇති සටහන් මගින් සනාථව තිබේ. ටෙන්ඩර් උපදෙස් පත්‍රිකාවේ විගණනය කරන ලද වසර තුනක විගණන වාර්තා ලබාදීම අනිවාර්ය කර ඇතත් අදාළ සමාගම් එම විගණන වාර්තා නොසැපයීම සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව සිය නිර්දේශ ලෙස ඉදිරිපත් කර ඇත්තේ එම වාර්තා ඓතිහාසික තොරතුරු දැනගැනීමට පමණක් අදාළ වන බැවින් එය අප්‍රධාන කරුණක් ලෙසය.

ටෙන්ඩර් උපදෙස් පත්‍රිකාවේ තත්වසහතික ISO 7591ට අදාළව සහතිකයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතත් මේ සමාගම් දෙකම ඒ සඳහා වෙනත් සහතික ඉදිරිපත් කර තිබියදී එය අප්‍රධාන කරුණක් ලෙස තාක්ෂනික කමිටුව සලකා තිබීම එහි දෙවැන්නයි. ඒ බව පහත ලියවිල්ලෙන් සනාථ වේ.

doc7 1

doc7 2

අදාළ දෝශ දෙකකම සමගම් දෙකේම එකම අයුරින් තිබීම මගින් මේ සමාගම් දෙකම එකම සමාගමක් බවට යළි යළිත් තහවුරුව තිබේ.

පාස්කරලිංගම් භූමිකාව

Paskaralingam 670px 11 10 18

මේ අතර, අදාළ ටෙන්ඩරයේ කෙටි ලයිස්තුවට සුමල්ගේ සමාගම් දෙක නම් කෙරුණේ ආර්ථික කළමනාකරණ කමිටුවේ සාමාජික හා සුමල්ගේ ඇකසස් සමාගමේ උපදේශකයකු වන ආර්. පාස්කරලිංගම් මහතා තාක්ෂණික කමිටුවට බලපෑම් කිරීමෙන් බව මේ ටෙන්ඩරයට අයැදුම්පත් යොමු කළ ටෙන්ඩර් කරුවන්ගේ මතය වී ඇති බවද වාර්තා වේ.

ටෙන්ඩරය සුමල්ට දීමෙන් රටට වන අයහපත

අංක තහඩු මුද්‍රණ ටෙන්ඩරය ප්‍රධානය කිරීමට සුදුස්සන් ලෙස එකම පුද්ගලයන් අධ්‍යක්ෂ ධුර දරන සමාගම් දෙකක් කෙටි ලයිස්තුගත කිරීමෙන් දැනට කාලය අවසන්ව ඇති ටෙන්ඩර්කරුට වාසි අත්වීම. අදාළ සමාගම් දෙකෙන් එක් සමාගමකට මේ ටෙන්ඩරය ලැබුණු පසුව ඔවුන් නඩු මගට බැසීමට කටයුතු කළ හොත් දැනට ටෙන්ඩරය පවත්වාගෙන යන සුමල් පෙරේරාට හිමි ඇක්සස් සමාගමටම මේ අංක තහඩු සැපයීම සිදු කිරීමට හැකිවීම. දැනට වෙළඳ පොළෙන් රුපියල් 500කට පමණ සැකසිය හැකි අදාළ අංක තහඩුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුව විසින් මේවන විට ලබාගනු ලබන්නේ රුපියල් 1200/ කටය.

එසේම අදාළ සමාගම් දෙකෙන් කුමන සමාගමට ලබාදුන්නද ඔවුන් මේ අංක තහඩු සකස් කිරීමට නව යන්ත්‍ර නොගෙන්වන අතර ඒ අනුව අපට 2009 දී පමණ ගෙන්වන ලද පැරණි තාක්ෂණයට අනුව ක්‍රියාත්මක බාල අංක තහඩුවක් ලැබීම.

සුමල්ට මේ ටෙන්ඩරය ලබාදීමෙන් මසකට රුපියල් මිලියන 40 – 50 අතර මුදලක් ඉතිරිකර ගැනීමට ඇති අවස්ථාව අහිමිවීම ඉන් කිහිපයකි.

@srilankamirror.com

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.