හඬ පටයෙන් DIG කොටුවෙයි

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ලබාදුන් ආන්දෝලනාත්මක දුරකථන සංවාදය නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පොලිස් ඔත්තුකරු නාමල් කුමාර දෙදෙනාගේ බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එම වාර්තාව එළඹෙන සතියේදී රජයේ රසරීක්ෂක කාර්යාලයෙන් රහස් පොලීසිය වෙත ලබාදීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ඉන් අනතුරුව මේ පිළිබඳව අධිකරණයට වාර්තාකොට ඉදිරි පරීක්ෂණ සිදුකරන බව රහස් පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ආන්දෝලනාත්මක සංවාදය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණය සඳහා පසුගිය සතියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාත් පොලිස් ඔත්තුකරු නාමල් කුමාර යන අයත් කටහඬ පරීක්ෂාවකට ඉදිරිපත් වූහ.

@ගයාන් ගාල්ලගේ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.