හදිසි ආපදා ඇති වුවහොත් 117 ට කියන්න

හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීමට හෝ තොරතුරු ලබාගැනීමට 117 දුරකථන අංකය විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට මුහුදු ප්‍ර‘දේශවලට තද සුළං සමග තද වැසි ඇතිවිය හැකි නිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මීට අමතරව කඳු ආශ්‍රිත ප්‍ර‘දේශවලට තදවැසි පවතී නම් නායයාම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් නායයාම් පිළිබඳව සාධක පෙන්නුම් කරනවා නම් ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.

ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් තබා තිබෙන බවද සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *