හිරුණිකා වරද පිළිගන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇයට එරෙහිව පවරා ඇති නඩුවේ අධිචෝදනාවලට වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කරගැනීමට සූදානම් බව විත්තිකාර මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනෙවිරත්න මහතා ඊයේ (8) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට වැඩිදුර කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසද විත්තියේ නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (8) ආරම්භ කිරීමට නියමිතව තිබුණි. එහිදී විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු බි. ශෂි මහේන්ද්‍රන් මහතා එම නඩුව ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා කල්තැබිමට නියෝග කළාය.

2015/12/21 වැනිදා දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් අටදෙනෙකුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

පසු අවස්ථාවකදී එම නඩුවේ සෙසු විත්තකරුවන් අටදෙනා වරද පිළිගැනීම නිසා පැහැරගැනීමට ලක්වූ තරුණයාට වන්දි ගෙවීමට නියෝග කොට අත්හිටවූ සිරදඬුවම් ලබාදීමට කොළඹ මහාධිකරණය නියෝග කොට තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *