නිවාඩු ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතක් ප්‍රතික්ෂේප වී ඇති බව මාද්‍ය වාර්තා පලවෙයි.
නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් මෙසේ ප්‍රතික්ෂේප කර ඇත්තේ දින 5ක නිවාඩු ඉල්ලුම් පත්‍රයක් බවද සදහන්ය.
තහවුරු නොකල වාර්තා උපුටා දක්වමින් එම වාර්තාවන්හි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ එන 15 වැනිදා වන විට පොලිස්පති ධුරයෙන් පූජිත ජයසුන්දර මහතා ඉල්ලා අස් වනු ඇති බවයි.
මෑතකාලීනව පොලිස්පතිවරයාට එල්ල වූ චෝදනා මත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටි බවටද වාර්තා පල විය.