2013 ක්‍රිකට් විකාශන අයිතිය ලබාදීමේදී වූ වංචා හොයන ලෙසට පොලීසියට දන්වයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල විකාශන අයිතිය ලබාදීමේදී සිදුවූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන පනස් පන්ලක්ෂ හැටහතරදහස් හාරසිය හතරක (5,564,404) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තපා මහතා ‍පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා සමාගම සමග 2013/04/01 දින ගිවිසුමක් අත්සන් කරගෙන ඇත. එම ගිවිසුමට අනුව ඇමෙරිකානු ඩොලර් 5,564,404.50ක මුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකර මූල්‍ය වංචාවක් කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී 2018/09/10 වෙනි දින අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. මෙම විමර්ශන කටයුතු තවමත් අවසන් වී නැති නිසා මේ සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි වැටහීමක් ඇතිවන බැවින් එම කටයුතු වහා ඉක්මන් කරන්නැයි ඇමැතිවරයා පෙරේදා (2) ‍පොලිස්පතිවරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.