ආණ්ඩු පෙරළන්න ජ.වි.පෙ. නැතිව බැරි බව බැසිල් කියයි

ආණ්ඩු විරෝධී බලවේගයෙක් ලෙස ඉදිරි දේශපාලන සාකච්ඡා සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ළං කරගැනීම වඩා සුදුසු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියයි.

රාජපක්ෂ මහතා පැවැසුවේ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ජවිපෙ උදවු කළද අද ආණ්ඩුවේ නොමැති ප්‍රබල පක්ෂයද ජවිපෙ බැවින් ඔවුන් ළං කර ගැනීම වඩා සුදුසු බවය.

එමෙන්ම ආණ්ඩුවේ නොමැති පක්ෂ සේම ආණ්ඩුවේ විනාශයට මුල්වූ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වන බවත් පොහොට්ටුව පක්ෂය ඕනෑම අයකුට විවෘත බවත් ඒ මහතා සඳහන් කළේය. එනමුත් මහා සාගරයට ගංගා එකතු වන නමුත් කිසිදිනක මහා සාගරය ගංගාවලට එක් නොවන්නා සේ ලක්ෂ 50ක ඡන්ද පදනම ඇති තම පක්ෂය කෙදිනක හෝ ශ්‍රී ලනිපයට එක් නොවන බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා (15දා) හිරු ටීවී සලකුණ දේශපාලන සංවාදයට එක් වෙමිනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.