වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර CIDයට කැදවයි..!

ප්‍රකාශයක් සටහන් කර ගැනිම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර හෙට (03) දින අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව (CID) වෙත කැදවා තිබේ.

2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා ජුනි මස (29)වැනි දින වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID)පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්ෂණ පවැත්විම අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

ඒ අනුව අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව (CID ) වෙත කැදවා තිබේ.

2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් ගවේෂණාත්මක අනාවරණයක් නිව්යෝර්ක් ටයිම්ස් පුවතේ පතේ දකුණූ ආසියානු වාර්තාකාරිනී Maria Abi-Habib විසින් සිදුකර තිබු අතර අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පැමිණිල්ල කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.