පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2017 වසරේ දී හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අද (2018 ඔක්තෝම්බර් 02 වන දින) ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
පෙත්සම් ඊවා වනසුන්දර, විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම පෙත්සම සලකා බැලීම 2019 ජනවාරි මස 21 වනදා සිදු කරන බව විනිසුරු මඩුල්ල විසින් දැනුම් දී තිබේ.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් සඳහන් කර ඇත්තේ රුපියල් මිලියන 500 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය 2017 වසරේදී තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ බවයි.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට තරම් සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.