ජනපති මෛත්‍රීට, ඉන්දීය අගමැති මෝදි ගෙන් ඇමතුමක්!

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ‍්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවත්, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බව පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහ දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්විමේදි ප්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන “ද හින්දු” පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මොදි මහතා කිසිවක් නොදන්නා බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදි පවසා ඇති බවද එම වෙබ් අඩවියයේ සඳහන් වේ.

රෝ සංවිධානය සිදු කරන එම කුමන්ත්‍රණය ඇමේරිකාවේ සී.අයි.ඒ සංවිධානය ඇමේරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නොදැනුවත්ව සිදුකරන මෙහෙයුමක් වැනි බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කැබිනට් හමුවේදි පවසා ඇති බවද එම පුවතේ සඳහන් වේ.

කෙසේ වෙතත් එම පුවත සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි මෙසේ දැක්වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.