අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න රනිල්ට බැරිකමක් නැහැ; මංගල කරන්නේ විජ්ජාවක්!

අර්ජුන මහේන්ද්‍රන් කියන්නෙ රනිල් වික්‍රමසිංහගේ හොඳම යාළුවා. එයා ගෙන්නා ගන්න යාළුවට බැරිකමක් නෑ. අර්ජුන මහේන්ද්‍රන් හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකතුවෙලා ජනතාව අන්දවමින් සිටින බවක් ඔබේ කතාවෙන් ඉතාම පැහැදිලියි. දෙන්නම බැඳුම්කර වංචාවට සම්බන්ධයි. ඒ නිසා දෙන්නා දෙන්නව ආරක්ෂා කර ගන්නවා. ප්‍රධාන චෝදනාව අපි සෘජුවම රනිල් වික්‍රමසිංහ අගමැතිට එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ එක්තරා සති අන්ත පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදීය.

එහිදී ඔහුගෙන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, දැන් ඉන්න ඇමැතිවරු වාහන ගෙනැවිත් අවසන් බවත්, පසුගිය කාලේ ඇමැතිවරු දිවුරුම් දීපු ගමන් කළේ කෝටි ගණන් වාහන ගෙනාපු එක බවත්ය.

තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, අපි ආරම්භයේ ඉඳල දිගටම කිව්වා මිල සූත්‍රය එළියට දාන්න කියලා. නමුත් මේක හංගගෙන ඉන්නේ. අවම තරමින් කැබිනට් ඇමැතිවරයෙක්වත් මේ මිල සූත්‍රය ගැන දන්නේ නෑ.

ආණ්ඩුවට ඕනෑ තෙල් මිල වැඩි කරලා ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පිරිමහගන්න. ඒ සූත්‍රය එළියට දැම්මොත් මිනිස්සු මේ ගැන දැන ගන්නවා. ඒ හින්දා මේ විජ්ජාවක් කරන්නේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.