ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය

“ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (23) සංවිධානය කරනු ලැබූ විරෝධතාවය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීය.

වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුව විසින් අනුගමනය කරමින් සිටින බඩු මිල, තෙල්මිල වැඩි කිරීම, බදු වැඩි කිරීම, සිංගප්පූරු, ETCA ඇතුළු රට බිළිදෙන ගිවිසුම්වලට, වරාය, මත්තල, තෙල් ටැංකි ඇතුළු ජාතික සම්පත් විකිණීමට හා වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ද කලා කරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක්ද කම්කරු, ගොවි, ශිෂ්‍ය තරුණ, කාන්තා ඇතුළු සංවිධාන රැසක නියෝජිතයින්ද සමග විශාල ජන සහභාගිත්වයක්ද දක්නට ලැබිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *