LTTE රාම් හා නඟුලන්ට ගෝඨා සල්ලි දුන්නා – පාඨලී හෙළිකරයි

කොටි සංවිධානයේ රාම් හා නඟුලන්ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පඩි ලබාදුන් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.

කොලොන්නාව නව වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා අද (25දා)  මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී කොටි නායකයන් තමන්ට නැගෙනහිර ඡන්ද ප්‍රමාණය සකස් කර දෙන බව පැවැසූ බවද අමාත්‍යවරයා හෙළි කළේය.

“නැගෙනහිර මිනී මරපු රාම්, නගුලන් වගේ නායකයින්ට ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙව්වා. කේ.පී.ට, රාම්, නගුලන්ට ඒ ත‍්‍රස්තවාදීන් හයසිය ගණනක් මොණරාගල, කතරගම අපේ ජනතාව මරපු අය. ඔවුන් අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඒ ත‍්‍රස්තවාදී නායකයින්ට රාජපක්ෂලා හානිපූරණය කරලා දුන්නා.

ඒ වගේම දාහකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන්නා.

අපි ඇහුවා මොකද්ද මේ කරන්නේ කියලා, එතකොට කිව්වා වන්නියේ නැගෙනහිර කේ.පී.ලා, රාම්ලා, නගුලන්ලා ගිහින් ජනාධිපති ඡන්දෙදි මට ඡන්ද ටික හදලා දෙනවා කියලා මහින්ද මහත්මයා කිව්වා. රාජපක්ෂලා හානිපූරණය කළේ එහෙමයි.

පුළුවන් නම් ඉස්සරහට ඇවිත් කියන්න කියලා අපි රාජපක්ෂලාට අභියෝග කරනවා බුද්ධි අංශවලින් පඩි ගෙව්වාද නැද්ද කියලා කොටි නායකයින්ට. එහෙම අය තමයි මේ ත‍්‍රස්තාවදය පරාජය  කරන මාරක සටනේ පැත්ත පළාතක නොහිටපු උන් තමයි අද මේ ෆේස්බුක් එකේ වීරයෝ වෙන්න දඟලන්නේ”

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *