බාල්දු වන රුපියල ගොඩගන්න මාස 5ක් තුල සංචිත ඩොලර් මිලියන 1268 ක් දියකරලා

ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතය 2018 අප්‍රේල් සිට සැප්තෑම්බර් දක්වා කාර්තුව තුල ඩොලර් මිලියන 1268 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2018 අප්‍රෙල් මස බැංකුව සතු සංචිත ඩොලර් මිලියන 9015 ක් වූ අතර, එය ඔක්තෝබර් 1 දින ආරම්භය වන විට ඩොලර් මිලියන 7747 දක්වා පහත වැටී ඇති බව එහි සඳහන් වේ.

ඒ අනුව, මෙම මාස 5 තුල පමණක් රුපියල අවප්‍ර‍මාණය වීම වලක්වා ගැනීම සඳහා මහ බැංකුව සිය විදේශීය මුදල් සංචිතය ඩොලර් මිලියන 1268 කින් පහත දමා ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

2018 අප්‍රේල් මස අලුත් අවුරුද්දෙන් පසුව රුපියල අවප්‍ර‍මාණය වීම ආරම්භ වූ අතර, රු. 155.75 සිට රුපියල අවප්‍ර‍මාණය වීම ඇරඹුණි.

මෙම සතිය පුරාම අඛණ්ඩව ඩොලර් සංචිත පහත වැටීම සිදුව ඇති නමුත්, ඒ පිළිබදව නිශ්චිත සංඛ්‍යා ලේඛන මේ දක්වා ප්‍ර‍කාශයට පත්වී නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.

ආශ්‍රිත පුවත්: මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ

බාල්දු වන රුපියල රැකගන්න භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 184ක් විකුණයි!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *